This blog site described about the most miraculous places in SRI LANKA. I think this details will help for your future traveling plans..
කොළඹ නගරයේ ඔබ සිටින්නේ යැයි මෙහි සරන විට කිසිවිටෙකත් නොසිතෙනු ඇත.එය
එතරම් ම සුන්දර ය.මෙය බැද්දගාන තෙත් බිම් උද්‍යානය ලෙස නම් කරලා
තියෙනවා.වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කළ ශ්‍රී ජයවර්ධනපුර
කෝට්ටේ අභය භූමියට අයත් බිමක මේ උද්‍යානය පිහිටා තියෙනවා.ඒකෙ වපසරිය
හෙක්ටාර 18ක්.දියවන්නා ඔය ප්‍රතිසංස්කරණයේදී ඉවත් කල රොන්මඩ මෙම උද්‍යානය
පිහිටි බිමට එකල බැහැර කළා කියල තමයි දැනගන්න ලැබුනේ.කොහොම වුනත් දැන් මෙතන
අපුර්ව සුන්දරත්වයකින් යුත් ගහකොළ ,පක්ෂීන් ,සමනලුන් පිරි උද්‍යානයක්.මෙහි
ශාඛ විශේෂ 100ක් විතර දැකගන්න පුළුවන්.ඒ වගේම ක්ෂීරපායී සත්ව විශේෂ
10ක්,කුරුළු විශේෂ 50ක්,මත්ස්‍ය විශේෂ 20ක් දැකගන්න හැකියාව ලැබෙනවා.මෙහි
දක්නට ලැබෙන උභය ජීවී විශේෂ ගණන 5ක්.ඒක දේශික ශාඛ සහ වඳවී යාමේ තර්ජනයට
ලක්ව ඇති ශාඛ සහ සත්ව ප්‍රජාවන් රැසක් මෙහි දකින්නට ලැබීම
විශේෂත්වයක්.මේ උද්‍යානය පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා විවෘතයි.පස්වරු 5.30න්
පසුව ප්‍රවේශපත්‍ර නිකුත්කරන්නේ නෑ කියල තමයි දැනගන්න
ලැබුනේ.ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 100ක්.වාහන නැවතුම් පලක් තියෙනවා..ඊට
ඉතා සුළු මුදලක් අයකරන්නේ.මේ උද්‍යානයේ මාදං,වෙරළු වගේ රසවත් පලතුරු ගසුත්
තියෙනවා හොදේ.. 
නාගරික පරිසර සඳහා නගර සැලසුම්
නිර්මාණයේදී මෙවැනි තෙත්බිම් පරිසර පද්ධති, හරික කලාපයන් ලෙසින් මිනිසාගේ
නිරෝගී දිවි පැවැත්ම සඳහා උපකාර වන අතරම විනෝද කටයුතු සඳහාද තිරසාර ලෙස
සංවර්ධනය කළ හැකි බව හඳුනා ගෙන ඇත. එම අදහස ද පෙරදැරි කරගෙන බස්නාහිර පළාත්
තෙත්බිම් කලාපීකරණය යටතේ සකසන ලද උපදෙස් මාලාව අනුගමනය කරමින් නාගරික
සංවර්ධන අධිකාරිය විසින් 2006 වසරේදී නව පාර්ලිමේන්තුව වටා ඇති අධිකාරිය
සතු තර්ජනයට ලක්වූ තෙත්බිම් 11ක් සංරක්‍ෂණය කිරීමට සැලසුම් කරන ලදි.
එහි ප්‍රථම පියවර වශයෙන් බැද්දගාන තෙත්බිම් උද්‍යානය නිර්මාණය වන අතර,
දෙවන අදියර ලෙස කෝට්ටේ කොටු බැම්ම තෙත්බිම් උද්‍යානය ඉදිරියේදී සංවර්ධනය
කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියට සමගාමීව කෝට්ටේ
රාජධානියේ ඉතිරි වූ පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමේ මංපෙත් (Architectural
Trails) ඉදිකර ඇති අතර, උද්‍යාන සම්බන්ධක මංතීරු (Park Connections) මඟින්
බැද්දගාන තෙත්බිම් උද්‍යානය අවට ඇති සෙසු උයන් හා සම්බන්ධ වනු ඇත. එමඟින්
දේශීය හා විදේශීය සංචාරක කර්මාන්තයට නව ප්‍රවනතාවක් ඇති කරමින් පහරිසර
හිතකාමී සංචාරක ව්‍යාපෘතියක් (Eco Tourism) ආරම්භ කිරීමට අපේක්‍ෂිතය.
බැද්දගාන ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් මෙම තෙත්බිම සුරැකීමේ පරිසර කවයක්
ඇති කිරීමටත්, ඒ සඳහා අවට පාසැල්, විහාරස්ථාන හා පරිසර විද්‍යාඥයන්ගේ
සහභාගීත්වය ලබා ගැනීමටත් බලාපොරොත්තු වේ. එමඟින් අවට ප්‍රජාව තුළ උද්‍යානය
පිළිබඳ නව ආකල්පමය වෙනසක් ඇතිවනු ඇත.
වෙබ් අඩවිය -http://www.beddaganawetlandpark.com/
No comments:
Post a Comment