පෙතන්ගොඩ උයන පිහිටලා තියෙන්නේ සබරගමුව පළාතේ,කෑගල්ල දිස්ත්‍රික්කයේ. මේ තැනට කොළඹ ඉඳල එන්න මාර්ග කීපයක්ම තියෙනවා.රුවන්වැල්ල-කෑගල්ල මාර්ගයේ එනකොට කන්නන්තොටින් වමට හැරිලා ගියාම පෙතන්ගොඩ උයන හමුවෙනවා.
පළමු වන රාජසිංහ හෙවත් සීතාවක රාජසිංහ රජුගේ මගුල් උයන විදිහටයි අතීතයේ මේ උයන පැවතුනේ. සීතාවක රාජසිංහ රජුව කුඩා කල හැදින්වුනේ ටිකිරි බණ්ඩාර කියලා.1591 වසරේදී සීතාවක රාජසිංහ රජු එවක කන්ද උඩරට රජු වූ කොනප්පු බණ්ඩාර හෙවත් විමලධර්මසුරිය රජු සමග සටන් කරලා,ඒ සටනින් පැරදිලා පැමිණ තිබෙන්නේ මේ පෙතන්ගොඩ උයනට.එතැනදී උන කටුවක් ඇනිලා ඇතිවුන තුවාලය සුව නොවීම නිසා සීතාවක රාජසිංහ රජු මිය ගියා කියල තමයි කියන්නේ.නමුත් මෙය තරමක් මතභේදයට ලක්වූ කරුණක්.
උණ පඳුරේ සිටි නාගයෙකුගේ දෂ්ඨනයකින් රජු මිය ගියා කියලත් කතාවක් තියෙනවා. මේ වෙලාවේ රඡුගේ එදිරිවාදීන් අශ්ව, ඇත්, ගව අපද්‍රව්‍ය එක්කොට තුවාලයේ තැවරූ බවත් ඉන් අනතුරුව පිටගැස්ම රෝගයට සමාන රෝග ලක්ෂණ ඇතිවී දින දෙකකට පසුව රඡු මිය ගිය බවත් ශෙලේන්ද්‍රසිංහ නැමති රාඡකීය වෛද්‍යවරයාගේ පුස්කොල පොතක සඳහන් කරලා තිබෙනවා'
අද වෙනකොට පෙතන්ගොඩ උයනේ ඉතිරි වෙලා තියෙන්නේ කටු උණ පඳුරු 2ක් විතරයි.එම උණ වර්ගය ලංකාවේ වෙනත් කිසිඳු පෙදෙසක දක්නට ලැබෙන්නේ නැහැ.මේ උණ විශේෂය ඉන්දියාවේ තියෙනවලු.සීතාවක රාජසිංහ රජුගේ රාජ සභාවේ පුරෝහිත තනතුර හෙබවූ අරිට්‌ඨකී වෙණ්‌ඩු පෙරුමාල් නම් ආඩිගුරාගේ උපදෙස් මත මේ උණ වර්ගය ලංකාවට ගෙනාව කියලත් ඇතැම් පොත් පත් වල සඳහන් වෙනවා. මේ උයනේ ඉඳලා අමිතිරිගල මාර්ගයේ යනකොට රජුගේ දේහය මිහිදන් කල ස්ථානයේ සොහොනත් දැක බලාගන්න පුළුවන්.


TIP TOSTITAN - TIPS TOSTITAN - TITanium Rose
ReplyDeleteTIP TOSTITAN - used ford fusion titanium TIPS TOSTITAN ford focus titanium hatchback T. titanium charge The titanium nail TITanium Rose uses stem cells (stem titanium athletics cells) to develop and retain bone structure in all the tissues. The
fl906 www.fakebags2023.ru fr182
ReplyDelete